Home උණුසුම් පුවත් කොවිඩ් මරණ 202ක් – ඉන් 5ක් අවුරුදු 30ට අඩු පුද්ගලයින්

කොවිඩ් මරණ 202ක් – ඉන් 5ක් අවුරුදු 30ට අඩු පුද්ගලයින්

by Hela news

කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (02) දින තහවුරු කර ඇත.

මෙම මරණ 202ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,806ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම කොවිඩ් මරණ 202න් 89 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 113දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 155 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 42 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.

0 comment
0

Related Posts

Leave a Comment