Home විදෙස් පුවත් කොවිඩ් මධ්‍යයේ අමෙරිකාවේ ඇරඹුණු මැතිවරණ

කොවිඩ් මධ්‍යයේ අමෙරිකාවේ ඇරඹුණු මැතිවරණ

by Hela news

කොවිඩ් වසංගතය මධ්‍යයේ අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මැතිවරණ පැවැත්වෙයි.

නව ආණ්ඩුකාරවරු තෝරාපත් කරගැනීම සඳහා එම ඡන්ද විමසුම පැවැත්වෙන බව විදසේ මාධ්‍ය සඳහන් කළේය.

වර්ජිනියා, නිව් ජර්සි, නිව්යෝර්ක් එම ප්‍රාන්ත අතරට අයත්ය.

බොහෝ ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට අවසන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර වයස අවුරුදු 5 ඉක්මවූ ළමයින්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා අමෙරිකාව පූර්ණ අනුමැතිය ලබාදී තිබේ.

අමෙරිකාව තුළ අවුරුදු 12 ඉක්මවූ දරුවන්ට දැනටමත් එම එන්නත ලබාදෙයි.

නව අනුමැතිය යටතේ එරට ළමුන් මිලියන 28කට පමණ එන්නත ලබාගැනීමට අවස්ථාව උදාවන බව විදෙස් වාර්තා පැවසීය.

සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමටනම් යොවුන් දරුවන් එන්නත්කරණය අනිවාර්ය බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදී තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී තිබුණේ යොවුන් අය අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ෆයිසර් එන්නත 91%ක ඵලදායිතාවක් දක්වන බවය.

එමෙන්ම එහිදී දරුණු අතුරු ආබාධ කිසිවක්ද නිරීක්ෂණය වී තිබුණේ නැති බව වාර්තා වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment