Home දේශීය පුවත් කොවිඩ් මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

කොවිඩ් මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

by Hela news

කොවිඩ් මර්දනය උදෙසා ඩොලර් මිලියන 100ක් අතිරේක ණය මුදලක් දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.

එම ණය මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් දීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය මූල්‍යනයනය කිරීම සඳහා සැලසුම් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව අතිරේක මූල්‍ය පහසුකම් ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60ක් එන්නත් කිරීමේ මුලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වු ජාතික කාර්ය සාධක බළකාය තීරණය කර ඇත බව පැවැසූ ඇමැතිවරයා ඒ සඳහා කොවිඩ් 19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර දැක්වීම, සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීම යන ව්‍යාපෘතිවලට මෙම මුදල දීමට ලෝක බැංකුව එකඟ වූ බව පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment