Home උණුසුම් පුවත් කොවිඩ් නිසා ජනතාවට පෝෂ්‍යදායී ආහාර නෑ

කොවිඩ් නිසා ජනතාවට පෝෂ්‍යදායී ආහාර නෑ

by Hela news

සමීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ

කොවිඩ් ව්‍යාප්තිය හමුයේ මෙරට ජනගහණයෙන් 60%ක ප්‍රතිශතයකට පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළීබද සොයා බැලීමේ ජාතික ආයතනයක් මගින් සිදුකළ සමීක්ෂණයක් මගින් හෙළිවී ඇත.

ආහාර මූලික කොට ගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය (FIAN Srilanka ආයතනය) විසින් දිවයිනේ දිස්ත්‍රීක්ක 10ක් පදනම් කරගනිමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2021 ජනවාරි 30 වැනිදා දක්වා කොළඹ, යාපනය,පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රීක්කවල සිදුකළ මෙම සමීක්ෂණයේ වාර්තාව පසුගියදා (22 වැනිදා) සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයට පත්කෙරිණි. අදාළ දිස්ත්‍රික්කවල ජනතවගෙන් 71%ක ප්‍රතිශතයක් අඩු මිළට ආහාර ගෙන තිබෙන බවත්, 69%ක ප්‍රතිශතයක් සතියේ ආහාර වේල් වලින් ආහාර වේල් 05ක් නොගෙන ඇති බවත් 17% ප්‍රතිශතයක් සතියකට දිනයක් හෝ දින දෙකක් එකදු ආහාර වේලාවක් හෝ ගෙන නොමැති බවත් එම වාර්තාව මගින් අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම කාල පරාසයේදී ජනතාවගේ වියදම් පිළිබද කරන ලද සමීක්ෂණයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකිව සිටි පුද්ගලයින් 16%ක්, දරුවන්ට අධ්‍යාපන වියදම් දරාගත නොහැකි පවුල් 40%ක්, ආර්ථික දුෂ්කරතා හමුවේ නිවෙසේ ගෘහ උපකරණ විකුණූ පුද්ගලයින් 57%ක්, නිවෙස් හා ඉඩම් විකුණා ඇති 3%ක ප්‍රතිශතයක් සිටින බවත් අනාවරණය වි තිබේ. රජය කොවිඩ් 19 ව්‍යාප්තිය මුළුමනින්ම පාලනය කර ගැනීමට අසමත් වී ඇති බවත් මෙම කාල සමයේ දී ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යසාර භාවිතය සදහා ඉඩකඩ විවර විම ඊට හේතු වි තිබෙන බවත් මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

‘කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් තොර ලෝකයක් අපේක්ෂා කරයි’ යන තේමාව යටතේ ක්‍රියාත්මක FIAN Srilanka ආයතනයේ www.fiansrilanka.lk වෙබ් අඩවිය එළිදැක්විමද පසුගිය සතියේ සිදුවිය.

0 comment
0

Related Posts

Leave a Comment