Home කාලීන පුවත් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට නව පරීක්ෂණ කට්ටලයක්

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට නව පරීක්ෂණ කට්ටලයක්

by Hela news

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවලට අමතරව අඩු පිරිවැයක් සහිත පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කළ මෙම පරීක්ෂණ කට්ටලය මගින් රුපියල් 1,500ක පමණ මුදලකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

අදාළ පරීක්ෂණ කට්ටලය සඳහා මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය හිමිවී ඇති අතර එහි ලියාපදිංචිය ලබාගැනීමට නියමිත බව සඳහන්ය.

එම පරීක්ෂණ කට්ටලය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත හඳුන්වාදීමට අදාළ නිර්මාණකරුවන් පියවර ගෙන තිබුණි.

එම අවස්ථාවට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් සිදුකිරිම අතිශය වැදගත් බවය.

කොවිඩ් මර්දන එන්නත්කරණය ශ්‍රි ලංකාව මේ වන විට ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්ව ඇති අතර ඉතා කඩිනමින් කොවිඩ් ව්‍යසනය පරාජය කර රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අමාත්‍යවරයා පැවසුවාය.

මේ අතර ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 2,917කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 474,780 දක්වා ඉහළ ගොස් තිබේ.

389,969 දෙනෙකු ප්‍රතිකාර කාලසීමාව අවසන් කර ඇති අතර 74,122 දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් ක්‍රියාත්මකය.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවට අනුව මේ වනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 31 ලක්ෂ 28,756කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 99 ලක්ෂ 94,589ක් දක්වා ඉහළගොස් තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment