Home උණුසුම් පුවත් කොවිඩ් ආසාදිතයන් නිසා කොළඹ ජාතික රෝහලට සිදුව ඇති දේ

කොවිඩ් ආසාදිතයන් නිසා කොළඹ ජාතික රෝහලට සිදුව ඇති දේ

by Hela news

කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අර්බුදයක

කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමත් සමග කොළඹ ජාතික රෝහලේ අනෙකුත් රෝගී සත්කාරක සේවා බිඳ වැටී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා සඳහන් කළේ මේ වන විට කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

ජාතික රෝහලේ හෙද නිලධාරීන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ හාරසියයකට අධික ප්‍රමාණයකට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇත. මෙම රෝහලේ කොවිඩ් ආසාදිතයන් සඳහා වාට්ටු පහළොවක් පමණ වෙන් කර ඇති අතර ඒ හේතුව නිසා අනෙකුත් රෝග සඳහා ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ගේ සත්කාරක සේවා බිඳ වැටී ඇති බවත් එම රෝගීන් සහ ඔවුන් සමග පැමිණෙන ඥාතීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා සඳහන් කරයි.

එසේම ඔහු මෙහි දී අවධාරණය කරමින් කියා සිටියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තුන්වැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා දීම පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවයි.

0 comment
0

Related Posts

Leave a Comment