කොරෝනා වෛරසයෙන් ‘නොනිමි’ බැට කන ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයින්

0
701


නිදහස් වෙළෙඳ කලාප සේවිකාවෝ (සංරක්ෂිත ඡායාරූපයකි)

කෝවිඩ් වසංගතය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා නවයක් වසා දැමීම හේතුවෙන් සෘජු හා වක්‍ර සේවකයින් 3000කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇතැයි සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ.

‘ප්‍රොජෙක්ට් ටෙක්’ නමැති ආයතනයේ සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහය ලබා ගෙන මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ‘රෙඩ්’ ආයතනය විසිනි.

මෙම සමීක්ෂණයේ අරමුණ වී ඇත්තේ කෝවිඩ් වසංගතය නිදහස් වෙළෙඳ කලාපයට හා ශ්‍රමිකයන්ට ඇති කරන ලද බලපෑම සහ ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමය.

කම්කරු දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්, ආගමික නායකයන්, කම්කරු නායකයන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව පසුගියදා මේ සමීක්ෂණයේ අනාවරණය වූ කරුණු පිළිබඳව විමසා බැලුවහ.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here