Home දේශීය පුවත් කොරෝනාව දුම්රියට කෝටි 111.6ක් පාඩු කරයි

කොරෝනාව දුම්රියට කෝටි 111.6ක් පාඩු කරයි

by Hela news

කොරොනා ව්‍යාප්තිය පාලනය සඳහා දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ දින 67ක පාඩුව රුපියල් මිලියන 1116 ඉක්මවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධමිම්ක ජයසුන්දර මහතා ඊයේ (25) පැවැසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම සාමාන්‍යයෙන් රුපියල් මිලියන 500ක් වන අතර අතර දිනක ආදායම රුපියල් මිලියන 16 ඉක්මවනු ලබයි.

ඊයේ (25) පළාත් අතර ආරම්භ කළ දුම්රිය ධාවනයත් ආදායම් ලැබීම වෙනුවෙන් ධාවනය නොවන අතර එය හුදෙක් සේවාවක් වශයෙන් ධාවනය කරනු ලබයි. දුම්රිය ධාවනය ඊයේ (25) සිට ආරම්භ කළද මඟීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමක් සිදු නොවන අතර මාසික වාර ප්‍රවේශපත් ලබා ගෙන ඇති අයට දුම්රියේ ගමන් කළ හැකි බවත් හෙතෙම කීවේය.

ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර 130ක් පමණ ධාවනය වූ බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.

0 comment
0

Related Posts

Leave a Comment