Home ව්‍යාපාර පුවත් කොමර්ෂල් Cash Recycler යන්ත්‍රවලින් බිල්පත් ගෙවීමේ අවස්ථාව

කොමර්ෂල් Cash Recycler යන්ත්‍රවලින් බිල්පත් ගෙවීමේ අවස්ථාව

by Hela news

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පාරිභෝගික සේවා සමාගම්, ජංගම දුරකතන සමාගම් සහ රක්ෂණ සමාගම් සමඟ ඒකාබද්ධ වී සිය අති නවීන Cash Recycler Machine (CRM) යන්ත්‍ර ජාලය ඔස්සේ පාරිභෝගිකයන්ට ආරක්ෂාකාරීව සහ පහසුවෙන් බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදී තිබේ.

දිවයින පුරා බැංකුවට අයත් CRM යන්ත‍්‍ර 265ක් පිහිටුවා තිබෙන බවත් ඒවා දිනයේ පැය 24 පුරා පාරිභෝගිකයන්ට ඉහළ බැංකු සේවා මාලාවක් පහසුවෙන් දෙන බව බැංකුව සඳහන් කරයි. මේ යන්ත‍්‍ර ගනුදෙනුකරුවන්ට එදිනෙදා අවශ්‍ය බැංකු සේවා දෙන කුඩා බැංකු බවට පත්වී තිබෙන බවද බැංකුව සඳහන් කරයි.

මෙහිදී සරලව පියවර තුනකින් මේ යන්ත‍්‍ර තුළින් මිනිත්තු කිහිපයකින් පහසුවෙන් බිල්පත් ගෙවිය හැකි බව බැංකුව පවසයි. මේ සඳහා පාරිභෝගිකයන් CRM යන්ත්‍ර තිරයේ දිස්වන Cardless Deposit යන විකල්පය තෝරා ගෙන එහි තිබෙන ‘බිල්පත් ගෙවීම’ (Bill Payment) යන්න තෝරාගත යුතුවේ. මේ පද්ධතිය මඟින් ඇතුළත් කළ බිල්පතේ අංකය වලංගු යැයි හඳුනා ගැනීමෙන් පසු පාරිභෝගිකයාට රුපියල් 100 ගුණාකාරවලින් මුදල් තැන්පත් කිරීමට හැකි බව බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව මේ ආයතන සමඟ කෙලින්ම සම්බන්ධ වී ඇති හෙයින් පාරිභෝගිකයා බිල්පත ගෙවූ සැණින්ම එම බිල්පත ගෙවූ බවට යාවත්කාලීන වේ. එසේම මේ බිල්පත සාර්ථකව ගෙවූ පසුව CRM යන්ත්‍රය මඟින් එම බිල ගෙවූ බවට සනාථ කරන receipt පතක් නිකුත් කරනු ලබයි

0 comment
0

Related Posts

Leave a Comment