කොදෙව් සංචාරයේ නායකත්වය දසුන්ට

0
153

කොදෙව් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

කොදෙව් සංචාරයේ 20-20 සහ එක්දින තරගාවලි දෙක සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග  තහවුරු කළේය.

අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කළ සංචිතයට අනුව කොදෙව් සංචාරය වෙනුවෙන් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර එක්දින නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටය.

භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු , කුසල් පෙරේරා, ඉසුරු උදාන සහ සන්තුෂ් ගුණතිලක යන අය ආබාධවලට ලක්වීම සහ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම යන කරුණු මත මෙවර කොදෙව් සංචාරයට නම් නොකළ බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර ධනුෂ්ක ගුණතිලකට නැවතත් සංචිතයේ ඉඩ වෙන්වී ඇති අතර අශේන් බණ්ඩාර, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස් සහ දිල්ෂාන් මධුෂංක යන නවක ක්‍රීඩකයන් සංචිතයට නම් කර ඇති බව වාර්තා වේ.

සංචිතයට තෝරා ගැනීමේදී ආබාධවලට ලක්ව සිටින, ආබාධවලට ලක්ව සුව වෙමින් සිටින සහ 100% ශාරීරික යෝග්‍යතාවක් නොමැති කිසිඳු ක්‍රීඩකයෙක්ට සංචිතයේ අවස්ථාව හිමිනොවූ බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් වෛරස් ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් එළඹෙන 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here