Home ක්‍රීඩා පුවත් කොදෙව්වන් සුපිරි වටයෙන් විසිවෙයිද ?

කොදෙව්වන් සුපිරි වටයෙන් විසිවෙයිද ?

by Hela news

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (26) සමත් විය.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර තරඟාවලියේදී පිට පිට ලැබූ දෙවන පරාජය වේ.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 56ක් රැස් කළ අතර නායක කයිරන් පොලා(ර්)ඩ් ලකුණු 26ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් දවාගත් අතර කේෂව් මහාරාජ් කඩුලු 2ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රසී වැන් ඩර් ඩුසන් ලකුණු 43ක් රැස් කළ අතර ඒඩන් මාක්‍රම් ලකුණු 51ක් රැස් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment