Home ව්‍යාපාර පුවත් කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට. දහදහස් හයසියයේ කඩඉම පසුකරයි

කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට. දහදහස් හයසියයේ කඩඉම පසුකරයි

by Hela news

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 10,600 සීමාව අද (05) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 220.19 කින් හෙවත් පූර්ව ගනුදෙනු දිනයට සඅපේක්ෂව 2.11% කින් ඉහළ යාමත් සමඟිනි.

මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,632.21 ක් ලෙසින් සටහන්ව තිබුණි.

රු. බිලියන 5.60 ක පිරිවැටුමක් අද දිනයේ ගනුදෙනුවලින් වාර්තා විය.

අද දිනයේ දී දකින්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් LOLC සමූහයේ සමාගම් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, LOLC හෝල්ඩිංග්ස්, LOLC ෆිනෑන්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම්වල කොටස් ගනුදෙනු හරහා සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබීමයි.

කෙසේවෙතත් අද දිනයේ දී S&P SL20 දර්ශකය ඒකක 16.33 කින් පහළ ගොස් ඒකක 3,640.27 ක් ලෙසින් සටහන්ව තිබුණි. සමස්තයක් ලෙස ගැනීමේ දී අද දින මිල ඉහළ ගිය සමාගම් ගණන 53 ක්වූ අතර සමාගම් 135 කම මිල ගණන් පැවතියේ පූර්ව ගනුදෙනු දිනයට වඩා පහළ ගොසිනි.

0 comment
0

Related Posts

Leave a Comment