Home ව්‍යාපාර පුවත් කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි, සියලු කොටස් ඒකක 366 කින් පහළට.

කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි, සියලු කොටස් ඒකක 366 කින් පහළට.

by Hela news

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය අද (19) දිනයේ දී ඒකක 366.17 කින් පහළ යන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 3.32% ක තරම් දැවැන්ත කඩා වැටීමක් වන අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,658.72 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකයේ මෙපමණ විශාල පහළ යාමක් වාර්තා වුවද S&P SL20 දර්ශකයේ ඒකක 38.37 ක් හෙවත් 1.05% ක වර්ධනයක් දක්නට ලැබීම සුවිශේෂී තත්ත්වයකි. S&P SL20 දර්ශකය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒ අනුව ඒකක 3,691.03 ක් ලෙසින් සටහන් විය.

රු. බිලියන 9.39 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට, ප්‍රධාන වශයෙන් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යාම හේතු වී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පෙන්වා දේ.

0 comment
0

Related Posts

Leave a Comment