Home ක්‍රීඩා පුවත් කේන් විලියම්සන්ගෙන් සුපිරි ඉනිමක්

කේන් විලියම්සන්ගෙන් සුපිරි ඉනිමක්

by Hela news

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබාගත්තේය.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදීමටය.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 85ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් ලකුණු 28ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩාය වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් දවා ගත් අතර ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තේය.

ඒ අනුව, තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 173ක ඉලක්කයක් හිමිව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment