Home ක්‍රීඩා පුවත් කෙන්යානු ලෝක ශූරියක් ඝාතනය කෙරේ

කෙන්යානු ලෝක ශූරියක් ඝාතනය කෙරේ

by Hela news

කිලෝමීටර් 10 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ක්‍රිඩිකා ඇග්නස් ටිරෝප් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

කෙන්යාවේ අයිටෙන් නගරයේ පිහිටි ඇගේ නිවස තුළ දී ඝාතනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා සැකකෙරෙන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

25 හැවිරිදි ඇග්නස් ටිරෝප් පසුගිය මාසයේ ජර්මනියේ පැවැති කාන්තා කිලෝමීටර් 10 දුර දිවිමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබීමට සමත්විය.

එමෙන්ම ඇය මෙවර ඔලිම්පික් තරඟාවලියේ මීටර් 5,000 අවසන් තරගයේ සිව්වන ස්ථානය හිමිකරගත් අතර ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී දෙවතාවක් ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment