Home දේශීය පුවත් කෘෂිකර්ම ඇමති දුන් පොරොන්දුව

කෘෂිකර්ම ඇමති දුන් පොරොන්දුව

by Hela news

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

මේ අතර, ගොවී සංවිධාන නියෝජිතයින් අද මාධ්‍ය හමුවකදී සඳහන් කළේ චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොරවලට අදාළ සාම්පලවල තිබී මෙරට බෝග වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවි වර්ගයක් සොයාගෙන ඇති බවය.

“සාම්පල් එකක් ගෙනාවා චීනයෙන්. ඒ සාම්පල් එක ෆේල් වුණා. අපේ පසට නොගැලපෙන ක්ෂුද්‍ර ජීවීන් ඒ කාබනික පොහොරවල ඉන්නවයි කියලා මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා,” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඊට පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, “තරගකරුවන් විසි ගණනක් ඇවිත් අවසානයේදී තෝරාගත්තා එක් තරගකරුවෙක්. ඒ තමයි දැනට ලෝකයේ වැඩිම කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම. ඒක චීන සමාගමක්. ප්‍රමිති ආයතනය හඳුන්වා දුන් පරීක්ෂණාගාරයේදී කළ නිරීක්ෂණ අනුව මේ ආනයනය කරන පොහොරවල කිසිදු ක්ෂුද්‍ර ජීවීයෙක් නෑ කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ අතරතුර අපි සමාගම්වලින් මේ පොහොර සාම්පල කිහිපයක් ගෙන්න ගත්තා පරීක්ෂා කරන්න. අවිධිමත්ව ගෙනා පොහොරක් පරීක්ෂා කිරීමේදී ඒ පොහොරේ ක්ෂුද්‍ර ජීවීයෙක් ඉන්නවා කියලා හඳුනගෙන තියෙනවා. ඒ ක්ෂුද්‍ර ජීවීයෙක්.”

මේ අතර සම්බා වී කිලෝවකට රුපියල් 60ක හා කීරි සම්බා වී කිලෝවකට රුපියල් 70ක මිලක් ලබාදීමට තමන් රජයට යෝජනා කළ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment