Home කාලීන පුවත් කෘතවේදිත්වය – සශ්‍රිකත්වය – ශ්‍රමය ඔප්නංවන තෛපොංගල්

කෘතවේදිත්වය – සශ්‍රිකත්වය – ශ්‍රමය ඔප්නංවන තෛපොංගල්

by Hela news

මෙම උත්ස­ව­යට රටේ තරුණ තරු­ණියෝ හා රට­වැ­සියෝ සෞභාග්‍ය වෙනු­වෙන් දෙවි­යන්ට කන්න­ලව් කරති. කලට වැසි ලැබී හොඳ කාල­ගු­ණ­ය­කින් සමෘ­ධි­මත් රටක් ප්‍රාර්ථනා කරති. මසක් පුරා­වට ලද කිරි (ආහාර) සහ කිරි නිෂ්පා­ද­න­ව­ලින් සාදන ආහාර ගැනී­මෙන් වැළකී සිටිති.

කෘත­වේ­දි­ත්වය, පිරි­සි­දු­බව, සෞභාග්‍ය, සතුට සම­ගිය උදා­ක­ර­වන තෛපොං­ගල් උත්ස­වය අනා­දි­මත් කාල­යක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්ස­වා­කා­ර­යෙන් සම­රන උත්ස­ව­යකි. තෛපොං­ගල් උත්ස­වය දෙමළ හින්දු ජනයා අතර ප්‍රච­ලිත උත්ස­ව­ව­ලින් එකකි. එය දෙමළ හින්දු පුරා­වෘ­ත්ත­ව­ලින් මෙම උත්ස­වයේ පැර­ණි­කම ගැන සිතා ගත හැකිය.

ඉති­හා­සය

මාස්ක­න්නයේ අස්වැන්න නෙළා ගන්නේ ජන­වාරි පෙබ­ර­වාරි මාස­ව­ල­දීය. මෙම නිසා මෙම කාල­යේදී පරි­ස­රය අලුත් වී සශ්‍රි­ක­ත්ව­යෙන් පිබිදේ. ගහ­කොළ දළු ලියලා මලින් පලින් බරවී ප්‍රබෝ­ධ­මත් පරි­ස­ර­යක් නිර්මා­ණය වේ. මේ නිසාම තෛපොං­ගල් මේ කාල­යේදී උදා­වෙ­න්නට ඇතැයි කිව හැකි වේ. ‘තෛ’ යනු දෙමළ ක්‍රම­යට අවු­රුද්දේ මුල් මාස­යයි. සෑම අවු­රු­ද්ද­කම ‘තෛ’ පළමු වන දිනට මෙම උත්ස­වය සැම­රීම විශේ­ෂ­ත්ව­යකි.

දකුණු ඉන්දි­යාවේ ද්‍රවිඩ ජන­යාගේ පුරාණ උත්ස­ව­යක් ලෙස මෙය ගැනු­නත් දකුණු ඉන්දි­යානු දෙමළ සාහි­ත්‍යයේ සංගම් යුග­යෙන් ඇරඹි බව එම සාහිත්‍ය සාක්ෂි දරයි. දෙමළ විය­තුන්ගේ අද­හස වූයේ ද එයයි. සංගම් යුගය ක්‍රිස්තු පූර්ව 200 සිට 300 දක්වා විහි­දෙන යුග­යකි. මෙම උත්ස­වය ‘පාවෛ­යි­නෝන්බු’ තෛ නීරා­ඩල් නමින් හැඳි­න්වෙන උප­වා­ස­ය­කින් ඇරඹි බව සංගම් සාහිත්‍ය පෙන්වා දෙයි. නමුත් දකුණු ඉන්දි­යාවේ පල්ලව රජ්ජු­රු­වන්ගේ කාලයේ එනම් ක්‍රි.ව.4 වන සිය­වස සහ 8 වන සිය­වස කාලයේ ප්‍රධාන උත්ස­ව­යක් වූයේ මෙම “පාවෛයි නොන්බු” ය. මෙම උත්ස­ව­යට රටේ තරුණ තරු­ණියෝ හා රට­වැ­සියෝ සෞභාග්‍ය වෙනු­වෙන් දෙවි­යන්ට කන්න­ලව් කරති. කලට වැසි ලැබී හොඳ කාල­ගු­ණ­ය­කින් සමෘ­ධි­මත් රටක් ප්‍රාර්ථනා කරති. මසක් පුරා­වට ලද කිරි (ආහාර) සහ කිරි නිෂ්පා­ද­න­ව­ලින් සාදන ආහාර ගැනී­මෙන් වැළකී සිටිති.

මෙසේ පාවෛයි නොම්බු­ව­ලින් ඇරඹි තෛපොං­ගල් දැනුදු දකුණු ඉන්දි­යා­නුවෝ පැරණි සිරි­ත්වි­රිත් ඒ ආකා­ර­යෙන් සුරැ­කී­මට පුරුදු වී සිටිති. මේ නිසා මෙම උත්ස­වය සමා­ජ­ග­ත වී ඔවුන්ගේ ජන­ව­හර ශක්ති­මත් වේ.

සමා­ජ­යෙන් මතු වූ ජන­ව­හර

“තෛපි­ර­න්දාල් වලි පිරි­ක්කුම්” මෙය දෙමළ ජන­ව­හ­රෙහි එන සුප්‍ර­සිද්ධ ප්‍රස්ථාව පිරු­ළකි. සාමා­න්‍ය­යෙන් ප්‍රස්ථාව පිරුළු මතු­ව­න්නේද ජනයා තුළිනි. දෙමළ ජන­ස­මා­ජය තෛ යනු­වෙන් හැඳින් වූයේ දුරුතු මාස­යයි. ‘පිරි­න්දාල්’ යන්න ඉප­දීම නොහොත් උදා­වීම වේ. මෙහිදී ‘වලි’ යනු­වෙන් හැඳින් වූයේ ‘මාවත’ ‘පාර’ යන අර්ථ දේ. ‘පිර­ක්කුම්’ යනු ඉප­දේවී, උදා­වේවි, විව­ර­වේවි යනු­වෙන් අද­හස් කෙරේ. සම්පූ­ර්ණ­යෙන් මෙසේය. සිංහ­ල­යට නැගූ විට අර්ථය වන්නේ මෙසේය. ‘දුරුත්ත ලැබූ විට මාවත විවර වේ’ යනු­වෙන් අර්ථ­වත් වේ. එදා සිට අද දක්වාම මෙම අද­හස දෙමළ ජන­ස­මා­ජයේ කිඳා බැස ඇත.

මෙවැ­නිම තවත් ප්‍රස්තා පිරුළු නිර්මා­ණ­ය­වී­මට තෛපොං­ගල් උත­ස­වය හේතු වී ඇත. එනම් “උන්ඩ්‍රි කොඩු­ත්තෝරේ උයිර් කොඩු­ත්තෝර්” යන්නේ ඒ බව පැහැ­දිලි වේ. මෙයින් අද­හස් වන්නේ ‘යමක් යමෙ­කුට උපුටා දෙන්නේ නම් ඔවුන් පණ දුන් හා සමාන වන බවය.”

කෘත­වේ­දි­ත්වය

ඕනෑම අය­කුට උප­කා­ර­යක් කළ­ හොත් එය උප­කාර ලබන්නා කෘත­වේ­දි­ත්වය දැක්වීම මනුෂ්‍ය සාර ධර්ම­යකි.
තෛපොං­ගල් දින­යේදී එක් පර­මා­ර්ථ­යක් වනුයේ කෘත­වේ­දි­ත්වය දැක්වී­මය. දෙමළ හින්දු ජනයා මෙසේ කෘත­වේදී වන්නේ ස්වභාව ධර්ම­යට , සූර්යාට සහ ගොවි­තැ­නට උප­කාරි වන සතා සිව්පා­ව­න්ටය.
භව­බෝ­ග­ව­ලින් සිය­ලුම මිනිස් වර්ග­යාට ජීවි­තය රැක ගැනී­මට ආහාර ලැබේ. මෙම ආහාර නිෂ්පා­ද­න­යට ප්‍රධාන වශ­යෙන් හිරු උප­කාරි වේ. මේ නිසා සූර්ය දිව්‍ය­රා­ජ­යා­ණන්ට කිරි උතු­රවා පුද පූජා කොට සකල දෙමළ හින්දු ජන­තාව කෘත­වේ­දි­ත්වය පළ­කර සිටිති. දින හත­ර­කින් යුත් තෛපොං­ග­ල්වල ප්‍රථම දිනය වන්නේ පෝගි පංඩිගෛ නමැති උත්ස­ව­යයි.

පෝගි පංඩිංගෙ

මෙම උත්ස­ව­යේදි පරණ අවු­රුද්දේ භාවිත කළ පරණ දෑ සිය­ල්ලම ගිනි තබති. එහි පොල් කොළ තල්කො­ළ­ව­ලින් සාදා­ ගත් පෙට්ටි පැදුරු වට්ටි ඉදල් අතු­ල්පත් ආදිය මෙසේ පුලුස්සා අලුත් දෑ භාවිත කිරී­මට ගනී. තවද නිව­සෙහි සෑම තැනක්ම සුද්ධ පවි­ත්‍ර­කොට පිරි­සිදු කරති. අන­වශ්‍ය ගහ කොළ ද කපා දමති. පරණ ඇඳුම් ආයි­ත්තම් පුලුස්සා දමති. පැරණි සෙරෙප්පු සපත්තු ද පුලුස්සා දමති. ගේ දොර අලු­ත්වැ­ඩියා කිරී­මද මෙම දිනයේ සිදු කරනු ලබති. මෙම කට­යුතු සියල්ල සිදු කර අවු­රුද්ද අපේ­ක්ෂා­වෙන් පසු­වීම දෙමළ හින්දු ජන­යාගේ සිරි­තය.

ඊළඟ දිනය හැටි­යට දෙමළ හින්දු ජනයා සල­කන්නේ තෛපොං­ගල් දින­යයි. මෙම දින­යේදී සූර්ය­දිව්‍ය රාජ­යා­ණන්ට කිරි උතු­රවා පුද පූජා කොට සකල දෙමළ හින්දු ජන­තාව සූර්ය නම­ස්කා­රය කරති.
මේ සඳහා තම නිව­සෙහි නැ‍ඟෙන­හිර පැත්තට වන්නට භූමි භාග­යක් තෝරා ගන්නේ හිරු හොඳින් පායා එහි කිරණ එම භාග­යට වැටෙන තැනක්ය. එම ස්ථානය ගොම මැටි ගල්වා සතර කොන කෙසෙල් ගස් සිටුවා එම කොන්වල කෝලම් රටා දමා මධ්‍ය­යෙහි ළිපක් බැඳ අග­සස් දාන­යට සුදුසු හාල්ව­ලින් කිරි­බ­තක් පිස ඊට කැවිලි පෙවිලි එක­තු­කොට කෙසෙල් කොළ මත වඩ­යක් දී සූර්ය දෙවි­යන්ට එම බත පිළි­ග­න්නවා පුද පූජා පව­ත්වනු ලබති. මේ සඳහා අස්වැන්නේ නැවුම් හාල් භාවිත කරති. මෙසේ හිරුට කෘත­වේ­දි­ත්වය පළ කරනු ලැබේ. හිරුට කෘත­වේ­දි­ත්වය පළ­ කළ පසු ඊළඟ දින­යේදී ගොවි­තැ­නට උදව් උප­කාර කළ සිය­ලුම සතා සිව්පා­වුන්ට කෘත­වේ­දි­ත්වය දැක්වී­මට පට්ටි පොංගල් නමින් උත්ස­ව­යක් පවත් වනු ලබති.

පට්ටි­පොං­ගල්

පට්ටි­පොං­ගල් යනු­වෙන් හඳ­න්වන්නේ ගොවි­යන්ගේ ගොවි­තැ­නට උදව් උප­කාර දෙනු­න්ටත් ගොන්නු­න්ටත් එළු­ව­න්ටත් කෘත­වේ­දි­ත්වය දැක්වී­මය. මෙහිදී දකුණු ඉන්දි­යානු සුප්‍ර­සිද්ධ කවි­යකු වන කවි ජෙත් කන්න­දා­සන් එළ­දෙ­නකු පිළි­බඳ තම කවි­යට මෙසේ නගයි.

සත්‍යම් නියේ
ධර්ම තායේ
කුලන් දෛ වඩිවේ
දෙයිව මහලේ

මෙහි සිංහල තේරුම මෙසේ වෙයි.
සත්‍ය­යය නුඹ­මයි
ධර්මයේ මව­මයි
ළද­රු­වකු විල­සින්
දෙව් දුවක් ‍වේ…

මෙම කිවි­යෙන් ඔහු කියා පෑමට උත්සාහ ගෙන ඇත්තේ එළ හර­කුන් සී සෑමට ගොන් නාම්බන් දෙනවා පම­ණක් නොව සිය­ලුම පස්ගො­ර­සය ලබා දෙන්නේද එළ­දෙ­නය. මේ නිසා උන්ට කෘත­වේදී වීමට දෙමළ හින්දු ජනයා අම­තක නොක­රති. මෙම කෘත­වේදි පුද පූජා­වේදී ඔවුන් මුලින්ම හර­ක්පට්ටි එළු­පට්ටි සුද්ධ පවි­ත්‍ර­කොට එම පට්ටි­වල ගොමැටි පිරි­යම් කොට එම­ප­ට්ටිය ඉදි­රි­පස තැන කෝලම් රටා දමා පට්ටිය වටේට ගොක්කො­ළ­ව­ලින් සරසා ඉදිරි පස ළිපක් සාදා එය මොළවා කිරි උතු­රවා කිරි බතක් පිස ප්‍රථ­ම­යෙන්ම ගණ දෙවි­යන්ට ඒ කිරි­බත කෙසෙල් ගෙඩි සමඟ පුද­න්නේය. ඊට පසු තමන්ගෙ ගොවි­තැ­නට උප­කා­රි­වන හර­කුන්ට කවා උන්ව සතුටු කර­වනු ලැබේ.

මෙම කිරි­බත කැවී­මට පෙර සිය­ලුම ගව­යන් නහවා පිරි­සිදු කිරී­මද සිදු කරනු ලැබේ. ඊට පසු උන්ගේ අං නොයෙක් වර්ණ­ව­ලින් ආලේ­ප­නය කර අලං­කාර කරනු ලැබේ. මෙම දිනය සත්‍ය වශ­යෙන්ම ගොවි­තැ­නට උදව් උප­කාර කරනු ලබන සතුන්ට කෘත­වේදී බව පුද කරන දිනය වේ.

කානුමි පණ්ඩිගෛ

දකුණු ඉන්දි­යානු තොර­තු­රු­ව­ලට සහ සාක්ෂි­ව­ලට අනුව කානුමි පණ්ඩිගෛ තෛපොං­ගල් උත්ස­වයේ හත­ර­වන දිනය වේ.

මෙම උත්ස­වය කාන්තා­වන් උදෙසා සිදු­ක­රන උත්ස­ව­යක් බව විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුය. මේ නිසා මෙම අව­සාන දින­යේදී සිය­ලුම දෙමළ හින්දු කාන්තා­වන් බතක් හත්මා­ළු­වක් එකට මිශ්‍ර­කර පිස­ ගත් ආහා­රය පිණ්ඩ කර කපු­ටන් ඉන්නා තැන­කට ගෙන ගොස් එම පිණ්ඩ කපු­ටන්ට දාන­යක් සේ දෙති. කපු­ටන්ට මෙම ආහාර පිණ්ඩ දෙන­විට ඔවුන් කරන ප්‍රාර්ථ­න­යක් වේ.

කාක්කා පොඩි වෛත්තේන්
කානුමි පොඩි වෛත්තේන්
උන් කූඩම් තලෛත් දාලුම්
එන් කූඩම් කලෛ­යාදු
මෙම කවි­යෙන් කියැ­වෙන්නේ
කපු­ටන් හට බත් පිඩක්
හොඳට අනපු බත් පිඩක්
නු‍ෙඹ් කූ­ඩුව විසිර ගියත්
මගේ කූඩුව විසිර නොයයි
මෙය සතුට සම­ගිය ස්මතු කරන කවි­යකි.

සතුට සම­ගිය

මෙම කවිය මගින් දෙමළ හින්දූන් අද­හස් කරන අර්ථ­යක් ඇත. එනම් යම්කිසි ගෘහ­යක වෙසෙන මිනි­සුන් එකට විර­සක නොවී සම­ගි­යෙන් සිටී­මට වාස­නාව ලැබේවා යයි කපු­ටන් හට මේ බත් පිණ්ඩ දමා­ක­රන ප්‍රාර්ථ­න­යක් මේ තුළින් ස්මතු වේ.
කපු­ටන් කොහේ සිටි­යත් ගොදු­ර­කට ඒක­රාශි වෙති. නමුත් එම ගොදුර අව­සන් වූ පසු විසිර යති. ඒ ආකා­ර­යෙන් එසේ නොවි­සිරි එම ගෘහයේ වෙසෙන මිනි­සුන් සාම­යෙන් සම­ගි­යෙන් ජීවත් වීමට වාස­නාව ශක්තිය ධෛර්ය ලැබේවා! යයි ඔවුන් ප්‍රාර්ථනා කිරීම තුළින් පෙනී යන්නේ තම පවු­ලෙන් ඉන් අන­තු­රුව එය ගම­ටත් ගමින් නග­ර­ය­ටත් එයින් පසු පළා­ත­ටත් රට­ටත් සම­ගියේ ප්‍රාර්ථ­න­යක් වීම මෙහි විද්‍යා­ත්මක පැත්තයි. සැමට සම­ගියේ තෛපොං­ග­ල්‍ය­යක් වේවා!

0 comment
0

Related Posts

Leave a Comment