කුවේට් රාජ්‍යයට ඇතුළු වීමට තිබු තහනම තවදුරටත්

0
151

කුවේට් රාජ්‍ය වෙත එරට පුරවැසියන් හැර වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එම පියව ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව කුවෙට් ජාතිකයින් නොවන පුද්ගලයින්ට එරටට ඇතුළු වීම තවදුරටත් තහනම් වේ.

කෙසේවෙතත් කුවේට් ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණ ද ඔවුන් නිරෝධායනට ලක්විය යුතු බව එරට බලධාරීන් පවසයි.

කුවෙට් රාජ්‍යයෙන් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් 183,322 ක් වන අතර මරණ 1039 ක් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here