Home උණුසුම් පුවත් කුරුණෑගල-කෑගල්ල නිවෙස් දෙකක් මතට පස් කඳු කඩා වැටී සිව් දෙනෙක් ජීවිතක්ෂයට අයකුට බරපතළයි

කුරුණෑගල-කෑගල්ල නිවෙස් දෙකක් මතට පස් කඳු කඩා වැටී සිව් දෙනෙක් ජීවිතක්ෂයට අයකුට බරපතළයි

by Hela news

කුරුණෑගල සහ කෑගල්ල ප්‍රදේශවල නිවෙස් දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් තිබේ.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් දේවාලේගම, පුස්සැල්ල ප්‍රදේශයේ නිවෙසක් මතට ඊයේ (10) අලුයම 3. 30ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් නිවෙසේ සිටි පියා සහ පුතු අතුරුදන්ව සිට ඊයේ දහවල් මළසිරුරු හමුවී ඇති අතර, මව බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. පස් කන්දට යටවීමෙන් මෙසේ මියගොස් ඇත්තේ මී බැද්දරාල්ලාගේ රණසිංහ (පියා අවුරුදු 78) මී බැද්දරාල්ලාගේ දමිත් කුමාර ( පුතා- අවුරුදු 32) නමැති අය වෙති.

මේ අතර කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇත. ඊයේ (10) රාත්‍රි 9. 30ට පමණ මේ අනතුර සිදුව ඇති අතර, මේ අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණි. මෙසේ මිය ගොස් ඇත්තේ ඩබ්. ඒ. සිරිසේන නම් 75 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ බිරිය වන 59 හැවිරිදි යූ. ඩී. ගුණවතී යන අයයි.

0 comment
0

Related Posts

Leave a Comment