Home කාලීන පුවත් කිසිවකුගේ බලපෑම් වලට යටත් නොවන බව පොලිස්පති කියයි

කිසිවකුගේ බලපෑම් වලට යටත් නොවන බව පොලිස්පති කියයි

by Hela news

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී කිසිවකුගේ බලපෑමට යටත් නොවන බවත්, විමර්ශන සම්බන්ධයෙන් තමාට කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බවත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පැවසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ඊයේ (25 වැනිදා) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී පොලිස්පතිවරයා පෙන්වා දෙන ලද්දේ, 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් ඇතුළත සැලසුම් කළ හුදු තනි අපරාධයක් නොවන බවයි. එය සිදුවීමට පෙර සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම් සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් පෙනී යන බවත් කීය. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 723 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් 311 දෙනකු රඳවා ගෙන සිටින බවත් පොලිස්පතිවරයා සඳහන් කර සිටී.

එසේම මේ වන විට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් 46දෙනකුට එරෙහිව අධිචෝදනා පත්‍ර 11ක් නීතිපතිවරයා ගොනුකර ඇති බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. තවද ප්‍රහාරයට අදාළ වෙළුම් 104ක පිටු 52,000 කට අධික සංඛ්‍යාවක් විමර්ශකයන් පරිශීලනය කරමින් සිටින බැවින් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.පොලිස්පතිවරයාට අනුව විමර්ශකයන් විශ්ලේෂණයට ලක්කර ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 100,000 කි.

0 comment
0

Related Posts

Leave a Comment