කිසිම බියක් ඇති කර ගත යුතු නෑ ඔක්සිජන් 300%ක් තිබෙනවා – ඇමැති ඩලස් අලහප්පෙරුම

0
65

අපේ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔක්සිජන් 300%ක වැඩි ප්‍රමාණයක් පවතින බවත්, ඒ සඳහා කිසිම බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාතර කොවිඩ් වැළැක්වීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් ඇහස් දැක් වූ ඇමැතිවරයා- සමාජ මාධ්‍ය තුළ වැරදි ප්‍රචාර ගෙන යනවා. ඉන්දියාව වගේ රටවල ඔක්සිජන් හිඟයක් පවතිනවා. සෞඛ්‍ය අංශවලට දෛනිකව අවශ්‍යවන්නේ ලීටර් 22,000ක් පමණයි. එහෙත් අපේ රටේ පෞද්ගලික සමාගම් දෙක මඟින් පමණක් දෛනිකව ලීටර් 67000ක් නිපදනවා. අවශ්‍ය වුවහොත් සිංගප්පුරුවෙන් හෝ ආනයනය කිරීමට අවශ්‍ය තීන්දු ගන්නා ලෙස ජනාධිපතිතුමන් නියෝග කර තිබෙනවා.

අපේ රට තුළ ජම්බෝ සිලින්ඩර් 15,000ක් පමණ තිබෙනවා. බොරු ප්‍රචාරයන්ට අවධානය යොමු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුවක් ලෙස මෙහි බරපතළකම තේරුම් ගෙන තිබෙනවා. මෙය කළමනාකරණය කරන්නේ එකම කණ්ඩායමක් ලෙසයි. කොළඹ දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් නැති බව කියනවා. අලුත් වයිරස් තත්ත්වයේදී අවශ්‍ය වන්නේ ඔක්සිජන් ලබාදීමයි. හැමතැනම ඒ සඳහා සූදානම් කළහොත් දැඩිසත්කාරයන්හි ඇඳන් ප්‍රශ්නයක් මතු වන්නේ නෑ. මේ රෝගීන්ට අවශ්‍ය වන්නේ ආශ්වාස, ප්‍රාශ්වාස ගැටලුවක් ආවම ඔක්සිජන් දීමයි. ඉන්දියාවේ කොවිඩ් රෝගීන් මියයන්නේ බෙහෙත් නැතිව නොවෙයි, ඔක්සිජන් නැතිවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here