Home විදෙස් පුවත් කිවිසුම් යැවීම ගැන අධිකරණයක් දුන් තීන්දුව

කිවිසුම් යැවීම ගැන අධිකරණයක් දුන් තීන්දුව

by Hela news

යම් පුද්ගලයෙකු හිතාමතාම සිදුකරන කිවිසුම් යැවීම සාපරාධි පහරදීමක් බව කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණයක් තීන්දු කර තිබේ.

ලොව මෙවැනි නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් පාරිභෝගිකයෙකු සිය මුඛ ආවරණය ඉවත් කර අවන්හල් සේවිකාවකට කිවිසුම් යැවීමේ සිදුවීමක් සම්බන්ධ නඩු තීන්දුවක් ලබාදෙමින් අධිකරණය මේ බව ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර ලොව පුරා එක් සතියක් තුළදී වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය නැවත උත්සන්න වෙමින් ඇති බවත් සතිපතා මරණ පනස්දහසක් ඉක්මවා වාර්තාවෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ ලොව පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී මාස 22 ක් සහ පළමු එන්නත අනුමත කර වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් වාර්තා වන ආසාදිතයන් සහ මරණ යළිත් වැඩිවෙමින් ඇති බවය.
 
මේ වනවිට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 24 කෝටි 98 ලක්ෂය ඉක්මවන අතර වසංගතයෙන් ලොව පුරා සිදුවූ මුළු මරණ ගණන 50 ලක්ෂ 53 දහසකට අධිකය.

0 comment
0

Related Posts

Leave a Comment