Home උණුසුම් පුවත් කිරිපිටි-බටර් නිපදවන්න අලුත් කම්හල්

කිරිපිටි-බටර් නිපදවන්න අලුත් කම්හල්

by Hela news

කිරිපිටි හා බටර් ආනයනය සීමා කරන්න සැලස්මක්

කිරිපිටි හා බටර් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා තුනක් කුරුණෑගල, ත්‍රිකුණාමලය හා කිලිනොච්චි ඉදි කිරීමට කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව සූදානම් වෙයි.

කිරිපිටි හා බටර් ආනයනය සීමා කරමින් විදේශීය විනිමය ඉතිරි කර ගැනීම මෙහි අරමුණ වෙයි. දෛනිකව කිරි ලීටර් දෙලක්ෂ හතළිස් දහසක් භාවිත කරමින් කිරිපිටි හා බටර් නිෂ්පාදනය කරන අතර එක් කර්මාන්ත ශාලාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන විසිපහක ආයෝජනයකි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 500කි. කිරිපිටි හා බටර් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොල්ර් මිලියන 400ක මුදලක් වැය කරන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. එම නිසා දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමට අදාළ යෝජනා තුනක් පමණ අමාත්‍යාංශ හඳුනා ගෙන ඇත.

දේශීය නිෂ්පාදන පිරිවැය සැලකිල්ලට ගෙන මිල සූත්‍රයක් හඳුන්වාදීම කිරිපිටි හා බටර්වලට පාම්තෙල් වැනි තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම, වැනි යෝජනා ඊට ඇතුළත්ය.

0 comment
0

Related Posts

Leave a Comment