Home ව්‍යාපාර පුවත් කැන්රිච් ෆිනෑන්ස් සමාගම 50 වැනි සංවත්සරය සමරයි

කැන්රිච් ෆිනෑන්ස් සමාගම 50 වැනි සංවත්සරය සමරයි

by Hela news

1971 වසරේ සිට අඛණ්ඩ වර්ධනය, තිරසරත්වය සහ විශ්වාසය තහවුරු කළ කැන්රිච් ෆිනෑන්ස් සමාගම සිය අභිමානවත් පනස් වැනි සංවත්සරය ආගමානුකූල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් චාම් අයුරින් කොළඹ ප්‍රධාන ශාඛාවේ මෙන්ම දිවයින පුරා පිහිටි ශාඛා 33දී කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂක උපදේශවලට අනුකූලව සැමරීය. “මූල්‍ය ක්ෂේත්‍රයේ අති විශිෂ්ට පනස් වසරක සලකුණ සනිටුහන් කරන මේ සුවිශේෂ මොහොත අප හදවත් තුළ නිර්මාණය කරන්නේ විශාල ගෞරවයක්. වසර පනහක කාලයක් පුරා විශ්වාසය සුරකිමින් අති සාර්ථකව මූල්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටීම පහසු කාර්යයක් නොවෙයි. ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇති වුණ බාධක සහ අභියෝග හමුවේ පාරිභෝගිකයන්ට, ආයෝජකයන්ට සහ සේවක මණ්ඩලයට අවම බලපෑමක් වන ලෙස කටයුතු කරන්න අපට හැකි වුණා.” කැන්රිච් ෆිනෑන්ස් සභාපති ආචාර්ය රවී රත්නායක මහතා පැවසීය.

“දශක පහක විශිෂ්ටත්වය සමරන මේ මොහොතේ කැපවීමෙන් වැඩ කරන කාර්ය මණ්ඩලයට සේම සිය මූල්‍ය සහකරු ලෙස අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට මගේ කෘතවේදීත්වය පිරිනමන්න කැමතියි. පසුගිය කාලයේ ඇති වුණ ව්‍යසනය සහ ආර්ථීක අස්ථාවරත්වය අපගේ කොටස් හිමියන්ට මෙන්ම පාරිභෝගිකයන්ට විශාල බලපෑමක් කළත් අහිත කර තත්ත්වයන්ට මනාව අනුගත වෙමින් පාරිභෝගිකයා මූලික කර ගත් විසඳුම් සැපයීමේ ක්‍රමවේදයක් ඔස්සේ කාර්යක්ෂමව කටයුතු කරන්න අපට හැකි වුණා. ඉදිරියටත් විශිෂ්ට මූල්‍ය විසඳුම් දෙන්න අප කටයුතු කරනවා.” ප්‍රධාන විධායක නිලධාරි ශිරාන් වීරසිංහ මහතා පැවසීය. කාලානුරූපව සුවිශේෂ ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට සැලසීමට කටයුතු කරන කැන්රිච්

ෆිනෑන්ස් අඩු ආදායම්ලාභීන්ට මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වෙත විශේෂ අවධානය යොමු කරයි. ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන කැන්රිච් ෆිනෑන්ස් අත්දැකීම් බහුල අධ්‍යක්ෂ මණ්ඩලයකින් සහ ඉහළ මුල්‍ය විශේෂඥතාවකින් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතය. කොවිඩ් 19 බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ට මූල්‍ය පහසුකම් සැපයීමේ සුවිශේෂ ව්‍යාපාර උපක්‍රම නිර්මාණයටද සමාගම බලාපොරොත්තු වේ.

0 comment
0

Related Posts

Leave a Comment