Home ව්‍යාපාර පුවත් කැන්රිච් ෆිනෑන්ස් මීගොඩ පොලිසියට මාර්ග සංඥා පුවරු පිරිනමයි

කැන්රිච් ෆිනෑන්ස් මීගොඩ පොලිසියට මාර්ග සංඥා පුවරු පිරිනමයි

by Hela news

වසර 50ක අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන නිබඳ ජනතා විශ්වාසයට පාත්‍ර වූ සහ සමාජ වගකීම අවබෝධ කර ගත් සමාගමක් ලෙස සිය පනස් වැනි සංවත්සරය මූලික කර ගනිමින් පරිසරයේ යහපැවැත්ම සහ ආර්ථීකය නඟා සිටුවීම සඳහා විවිධ කටයුතු රැසක් කරයි. සිය සමාජ සේවා ව්‍යාපෘතිවල තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කැන්රිච් ෆිනෑන්ස් සමාගම පසුගියදා මීගොඩ පොලිස් ස්ථානයට මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරමින් මීගොඩ පොලිස් ස්ථානයේ කාලීන අවශ්‍යතාවක් එයින් සැපිරීය. එම අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස් නුගේගොඩ ශාඛාවේ ස්ථාවර තැන්පතු කළමනාකාරිණි මේනකා ගම්ලත් මහත්මිය, මීගොඩ පොලිස් ස්ථානාධිපති ගිහාන් රාජපක්ෂ මහතා හා රථ වාහන අංශයේ ස්ථානාධිපති ජයන්ත පතිරණ මහතා සහභාගි වූහ. “අපගේ අවශ්‍යතා වටහා ගෙන කළ මේ කාර්යය ඉහළින්ම අගය කරනවා. එය මාර්ග අනතුරු වැළැක්වීමට මහඟු පිටිවහලක්.” මීගොඩ පොලිස් ස්ථානාධිපති ගිහාන් රාජපක්ෂ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment