කැනඩාවේ පැරණි නේවාසික පාසලක් පිහිටි භූමියකින් ළමයින් 215 කට අයත් ශරීර කොටස් හමුවෙයි

0
198

කැනඩාවේ පැරණි නේවාසික පාසලක් පිහිටි භූමියකින් ළමයින් 215 කට අයත් ශරීර කොටස් හමුවෙයි. එරට කැම්ලුප්ස් නගරයේ පිහිටි මෙම පාසල කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගේ සංස්කෘතිය හා සිරිත් විරිත් වෙනස් කිරීම සඳහා භාවිත කරන ලද්දකි. අතුරුදන්වූ මෙම ළමයින්ගේ මරණ ලියාපදිංචි කර නැත. වයස අවරුදු 3 පමණ ළමයින්ගේ සිරුරු කොටස් ද ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට මෙම මරණවලට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙය කැනඩා ඉතිහාසයේ අඳුරු හා නින්දිත කාලපරිච්ඡේදයක් පිළිබඳව සිහිපත් කරවන්නක් බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි. මෙම පාසල 1890 වසරේ සිට 1969 දක්වා කතෝලික පල්ලිය යටතේ පාලනය වී ඇති අතර පසුව ෆෙඩරල් රජය යටතට පත්ව ඇති අතර 1978 වසරේදී වසා දමන ලදී.

ස්වදේශීක ජනතාවට සිය ජාතික හැගීම් සහ සංස්කෘතිය අමතක කරවීම උදෙසා 19 වෙනි හා 20 වෙනි ශත වර්ෂවලදී මෙවැනි පාසල් ක්‍රියාත්මක වී තිබේ. මෙහිදී තම මව්බස කතා කිරීමට මෙන්ම සිය සිරිත් විරිත් පිලපැදීම ළමයින්ට තහනම් කර තිබිණි. මෙම පාසල් තුළදී බොහෝ ළමුන් අධික වධ හිංසාවලට හා දූෂණයට ලක්ව ඇති බවද වාර්තා පළ වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here