Home ව්‍යාපාර පුවත් කාබනික කෘෂි පරිවර්තනයට අවැසි නව දැනුම් හුවමාරුවට බවර් මැදිහත් වෙයි

කාබනික කෘෂි පරිවර්තනයට අවැසි නව දැනුම් හුවමාරුවට බවර් මැදිහත් වෙයි

by Hela news

සෞඛ්‍යමත් හා තිරසර දේශයක් බිහි කිරීමේ අරමුණින් යුතුව රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික භාවිතය අත්හැරීමට තීරණය කිරීමත් සමඟ, මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයකු ලෙස ප්‍රකට බවර් සමාගම, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ලොව නවීනතම දැනුම මෙරටට ගැනීමට තීරණය කළේය. ඒ අනුව ස්විට්සර්ලන්තයේ පිහිටි සුප්‍රකට පර්යේෂණ ආයතන දෙකක් නියෝජනය කරන විශේෂඥ කණ්ඩායමක් ඉකුත් අගෝස්තු මස මුලදී දින 10ක අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණියහ.

මේ අධ්‍යයන චරිකාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ දැනට පවත්නා තත්ත්වය පුළුල් ලෙස අධ්‍යයනය කිරීමත්, කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට අවශ්‍ය සාධක පෙළගැස්වීමත්ය. බවර් සමාගමේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරුණු මේ වැඩසටහන, දේශීය විද්වතුන්, පර්යේෂණ ආයතන, කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රවීණයන් මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු කෘෂි ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ පාර්ශ්වකරුවන්ගේ දැඩි පැසසුමට ලක්විය.

ස්විස් විශේෂඥයෝ සිය සංචාරය අතරතුරදී කාබනික අපද්‍රව්‍ය මූලාශ්‍ර සහ ඒවා මඟින් කාබනික පොහොර නිෂ්පාදනයට ඇති හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළහ. එහිදී බෝග කළමනාකරණය හා කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ දේශීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් හා අධ්‍යයන පිළිබඳ ඔවුහු බෙහෙවින් තෘප්තිමත් වූහ. කෙසේ නමුත් ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතිින බවත් මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කරා දිගු ගමනක් යා යුතුව පවතින බවත් ඔවුන්ගේ මතය විය.

ඔවුන්ගේ අවධානයට ලක්වූ තවත් ප්‍රධාන කරුණක් වූයේ ඒ ඒ බෝග ආශ්‍රිතව පැන නඟින සංකීර්ණ ගැටලුකාරි තත්ත්වයන්ය. එනම් කුළුබඩු බෝග සහ රබර් වගාවන් කාබනික පොහොර යෙදූ පාරිසරික තත්ත්වයකට පහසුවෙන් වර්ධනය වුව ද, ඛනිජ පොහොර නැති තත්ත්වයකට හැඩගැසීමේ විශාල පසුබෑමක් දක්වන, එනම් ඉහළ නයිට්‍රජන් සංයුතියක් සහිත පොහොර අවශ්‍ය කෙරෙන වී සහ තේ වැනි බෝග සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ. රසායනික පොහොර භාවිතය අත්හල අවස්ථාවකදී නයිට්‍රජන් පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ මතුවන දැවැන්ත අභියෝගයක් බව ද ස්විස් විශේෂඥයෝ පෙන්වා දුන්හ.

0 comment
0

Related Posts

Leave a Comment