Home දේශීය පුවත් කළු පුස් දිලීරයට ගොදුරු වූවෝ දිස්ත්‍රික් 3කින් හමු වෙති

කළු පුස් දිලීරයට ගොදුරු වූවෝ දිස්ත්‍රික් 3කින් හමු වෙති

by Hela news

කොවිඩ් ආසාදිතයන් අතරින් කළු පුස් දිලීර රෝගයට ගොදුරු වූ රෝගීන් කොළඹ, කුරුණෑගල, රත්නපුර ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

සම, නාසය, මොළය, ඇස, පෙනහලු සහ ශරීරයේ අභ්‍යන්තර අවයව මතුපිට ඕනෑම ස්ථානයක් ආශ්‍රිතව මෙම රෝගය ඇති විය හැකි බවත් රෝග ලක්ෂණ තීරණය වනුයේ රෝගය හැදෙන ස්ථානය අනුව බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ පැවසුවේය.

මෙම රෝගයේ මූලික විෂබීජය දිලීරයක් වන අතර එය පරිසරය තුළ තිබෙන බවත් ප්‍රතිශක්තිය හීනම අයෙකුට මිස සාමාන්‍ය පුද්ගලයන් මේ රෝගයට ගොදුරු නොවන බවත් ඒ මහතා පැවසුවේය.

පාලනයෙන් තොර බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්, ඉන්ද්‍රියන් බද්ධ කළ පුද්ගලයන් යනාදීන්ගේ ප්‍රතිශක්තිකරණ හීන නිසා ඔවුන් ඉක්මණින් රෝගයට ගොදුරු වන්නේ යැයි ද, පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම රෝගය ආසාදනය වීමක් සිදු නොවන්නේ යැයි ද හෙතෙම පැවසීය.

පරිසරයේ දිරාපත් වන කසළ පුස් ආදිය රැඳෙන ස්ථානවලින් මෙම දිලීරය වායුගෝලයට එක් වන බවත් මෙම රෝගයේ ලක්ෂණ කිසියම් පුද්ගලයකුට තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු බවත් ඒ මහතා පැවසුවේය

0 comment
0

Related Posts

Leave a Comment