Home කාලීන පුවත් කසාද ලියාපදිංචියට බාධාවක් නැහැ

කසාද ලියාපදිංචියට බාධාවක් නැහැ

by Hela news

විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීම තහනම් කර ඇතත් මනාල යුවළ, දෙපාර්ශ්වයේ මව්පියන්, රෙජිස්ට්‍රාර් සහ සාක්ෂිකරුවන්ගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචි කිරීම් කළ හැකි බව පොලිසිය පවසයි. එසේ සීමිත සහභාගීත්වයක් ඇතිව නි‍ෙවසකදී ‍ හෝ වෙනත් ස්ථානයකදී අවශ්‍ය නම් විවාහ ලියාපදිංචි කිරීම්වලට ඉඩ ප්‍රස්තාව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එසේ ම නිරෝධායන ඇඳිරි නීති නියෝග ඉතා දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඇඳිරිනීතිය කඩකරන පුද්ගලයන්ට එහෙිව නීතිය ක්‍රියත්මක කරන බවත් පැවසීය.

ඒ අනුව රාත්‍රී 10.00 සිට පසුදා උදෑසන 4.00දක්වා මාර්ගයේ ගමන් කළ හැක්කේ අතවශ්‍ය සේවා වල සාමාජිකයින් සහ ඊට අදාළ වාහන පමණක් බවත් වෙනත් කිසිදු වාහනයකට මාර්ගයේ ගමන් කළ නොහැකි බව ද කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment