Home දේශීය පුවත් කමිටුවේ කටයුතු කරන තෙක් රැස්වීම්වලට එන්න,කථානායක.

කමිටුවේ කටයුතු කරන තෙක් රැස්වීම්වලට එන්න,කථානායක.

by Hela news

මැතිසබයේ සහ ඉන් පිටත පසුගිය සතියේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කමිටුවේ කටයුතු සිදු කරන තෙක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වී එහි කටයුතු කරගෙන යෑමට සහාය වන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් යැයිද අයවැය විවාදය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා කීවේය.

මේ කමිටුව සඳහා පත් කිරීමට සමහර මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත් ඒ අය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම කමිටුව අද දිනයේ පත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment