Home දේශීය පුවත් කබ්රාල්ගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය කාටද

කබ්රාල්ගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය කාටද

by Hela news

හිස් වන මන්ත්‍ර පුටුව

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුවොත් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ නැවතත් පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජයන්ත කැටගොඩ එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව තුළට පිවිසීමට අවශ්‍ය ඉඩකඩ සලසා දීම සඳහායි.

කෙසේ වෙතත් මේ වන විට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අජිත් නිවාඩ් කබ්රාල් ද එම ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වන වාර්තා පල වනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජයේ ඉහළ පාර්ශව විසින් කෙරුණු ඉල්ලීමක් මතයි.

0 comment
0

Related Posts

Leave a Comment