කනිෂ්ඨ විවෘත ස්කොෂ් ශූරයා ඉල්හාම් ශූරිය යෙහානි

0
36

කොවිඩ් වසංගතයෙන් පසු පළමුවරට මෙරට පැවැති ජාතික ස්කොෂ් ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය වූ එස්එල්එස් කනිෂ්ඨ විවෘත ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩී.එස්. සේනානායක විදුහලේ ඉල්හාම් අස්මන් සමත් විය. අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයෙන් බාලක ශූරතාව ශුරතාව දිනා ගනිද්දී බාලිකා ශූරතාව විශාඛා විදුහලේ යෙහානි කුරුප්පු දිනා ගත්තාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 225 දෙනකු සහභාගි වූ මේ තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක තරග අංශයේ අනුශූරතාව ඩී.එස්.සේනානායක විදුහලේ නෙවිඳු ලක්මන් දිනා ගත් අතර, බාලිකා අනුශූරතාව විශාඛා විදුහලේ චනිත්මා සිනාලිට හිමි විය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ලංකා බැංකුවේ භාණ්ඩාගාර අංශයේ සහකාර සාමාන්‍ය­ාධිකාරී රජිත් තුෂාන්ත මහතා සහභාගි වූ අතර, එම අංශයේ අමිල බොතේජු මහතා ගෞරවනීය අමුත්තකු ලෙස ඊට එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here