Home ගොසිප් පුවත් කතාවට තහනමක්

කතාවට තහනමක්

by Hela news

හොඳ අත්දැකීම් එක්ක දේශපාලනෙන් තෙම්පරාදු වෙලා ඉන්න රටේ දෙවැනි මහත්තය පොහොට්ටුවෙ මහ සමුළුවේදි ආණ්ඩුවෙ ලොකු පුටුවල ඉන්න කාට කාටත් දැනෙන්න රිදෙන්න හොඳ කතාවක් කළා.

උන්නැහේ බොහෝම කල්පනා කරල සාකච්ඡා කරල එකතු කර ගත්ත සත්‍ය කරුණු එක්ක ලොකු අවවාදයක් ඒ කතාවෙ ගැබ්වෙලා තිබුණා.

ඒත් උන්නැහේ පොහොට්ටු සමුළුවේදි කරන්න යන කතාව ගැන කල් තබා ඉව වැටුණු සංවිධායක මණ්ඩලේ හිටපු එක්තරා ලොක්කකුට දෙවැනි මහත්තයගෙ කතාව කලින් බලන්න ලොකු තදියමක් තිබුණලු… එයා කොළඹට කිට්ටු දිස්ත්‍රික්කෙක දිලිසෙන ඇමැති සයිස් පොරක්…

ඒ වගේම දෙවැනි මහත්තය ඔය පොහොට්ටු රැස්වීමේ කළ යුතු කතාව තවත් කෙනෙක් ලියල දෙවැනි මහත්තයගෙ කන්තෝරුවට එවලත් තිබුණලු.. එයා පොහොට්ටුවෙ ඉන්න පොඩි මන්තිරි සයිස් පොරක්ලු.. ඒත් රටේ දෙවැනි මහත්තය මේ කිසිම දේකට කැමැති වුණේ නැහැ.. ඇත්තටම ඇමැති තැනත් එයාගෙ කතා පිටපත ඉල්ල ඉල්ල කරදර කරනකොට ඒක දැනගත්ත දෙවැනි මහත්තයට හුඟක් කේන්ති ගිහිල්ල කතාව කිසිම කෙනකුට කලින් පෙන්වීම තහනම් කළ බවත් අරංචියි…

ඒ තහනම නිසා කතාව කලින් බලන්න ට්‍රයි කරපු අය අකුලගෙන පැත්තකට වුණා. දෙවැනි මහත්තය කාගෙ කාගෙත් ඇස් ඇරෙන හොඳ කතාවක් කළා…

0 comment
0

Related Posts

Leave a Comment