Home කාලීන පුවත් කතරගම දේවාලයේ ඉල් මහා පෙරහර අති උත්කර්ෂවත්ව

කතරගම දේවාලයේ ඉල් මහා පෙරහර අති උත්කර්ෂවත්ව

by Hela news

දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව ඵවත්වා ගෙන එනු ලබන ‍ෛඑතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල්මහා මංගල්‍ය (19) වැනි දින රාත්‍රි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

රටේ ගොවි ජනයාගේ කෘෂී කර්මාන්තයට අහස් දිය ලබා ගැනීම පිණිස කතරගම දෙවියන්ගේ දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කර මෙම ඉල් මහා පෙරහර අතීතයේ සිට පැවත එනු ලබන චාරිත්‍ර පෙරහරකි.

රාත්‍රි 8 ට යෙදුණු සුභ මොහොතින් කතරගම දෙවියන් වැඩමවා ගෙන වාසනා හාස්තියා පෙරටු කර ගනිමින් පෙරහර දේවාල මලුවෙන් ආරම්භ විය.

අනතුරුව මහා විදීය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර පුරාණ චාරිත්‍ර ඉටුකර නැවත මහා දේවාලය වෙත පෙරහර ගමන් කර අවසන් විය.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂන් ගුණසේකර මහතාගේ අධික්ෂණයෙන් පාරම්පරික කපු මහතුන් විසින් පෙරහර චාරිත්‍ර ඉටු කරන ලදී.

මෙම අවස්ථාව සදහා හිංදු බෞද්ධ බැතිමතුන් රැසක් පැමිණ සිටියහ.

කිරිවෙහෙර රාජමහා විහාරයේ කඨින පින්කම

ඓතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේ කඨින පිංකම පසුගියදා පැවැත්විණි. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කඨික චීවර පිංකම සිදු කරන ලදි. කතරගම ප්‍රදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතාගේ පුර්ණ දායකත්වය මත මෙම කඨික පිංකම සිදු කරන ලදී.

0 comment
0

Related Posts

Leave a Comment