Home දේශීය පුවත් ඖෂධ 131කට උපරිම සිල්ලර මිලක්

ඖෂධ 131කට උපරිම සිල්ලර මිලක්

by Hela news

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. එම ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධි කටයුත්තක් බව පවසමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

යම් ස්ථානයක පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම්, complaints@nmra.gov.lk යන විද්‍යුත් තැපෑලට ඒ පිළිබඳ දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා එම නිවේදනය මඟින් ඉල්ලීමක් කරයි. ඩොලරයේ අගය ඉහළ යෑම අනුව පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 9ක පමණ මිල ඉහළ දැමීමකට අවසර ලබාදුන් එහි දැක්වේ

0 comment
0

Related Posts

Leave a Comment