ඕවර් විස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන්

0
183

මේ වසර අගදී පැවැත්වීමට නියමිත ඕවර් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා තවත් කාලය ලබාදෙන්නැයි ඉන්දියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරයි. මෙම තරගාවලිය ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. එහෙත් දැනට තිබෙන කොවිඩ් තත්වය එම තරගාවලිය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනගා තිබේ.

මේ පිළීබඳව නිල වශයෙන් ලබන පළමුවැනිදා පැවැත්වෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගන්ගුලි බලාපොරොත්තුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here