Home ක්‍රීඩා පුවත් ඕමාන ක්‍රීඩකයින් ගැන අවධානයෙන් – දසුන් ශානක

ඕමාන ක්‍රීඩකයින් ගැන අවධානයෙන් – දසුන් ශානක

by Hela news

ඕමාන ක්‍රීඩකයින්ගේ පන්දුයැවීම් සහ පිතිකරණය වීඩියෝ දර්ශන මගින් නරඹා ඔවුන්ගේ ක්‍රීඩා විලාශය අධ්‍යයනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලිය එළඹෙන 07වැනිදා ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩයම මේ දක්වා ඔවුන් සමග ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැත.

ඉන් පළමු තරගය ඔක්තෝබර් 7වැනිදාත් දෙවන තරගය ඔක්තෝබර් 9 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක,

“අපි අධ්‍යයනය කරපු ටික තමයි තියෙන්නේ. අපි ක්‍රීඩා කරලා නැහැ ඕමානය එක්ක. වීඩියෝ බලලා තියෙනවා. පන්දුයවන්නෝ සහ පිතිකරුවෝ ගැන අවධානයෙන් ඉන්නේ. අපේ කණ්ඩායමට මහේල ජයවර්ධන උපදේශකයෙකු ලෙස එකතුවීම විශාල වටිනාකමක් කණ්ඩායමට. පුහුණුකරුවෙකු ලෙස ඔහුට තිබෙන අත්දැකීම් ලංකාවේ ගොඩාක් දෙනෙකුට නෑ.”

0 comment
0

Related Posts

Leave a Comment