Home විදෙස් පුවත් ඔස්ට්‍රේලියාවේ හෝටලයක ගින්නක්,

ඔස්ට්‍රේලියාවේ හෝටලයක ගින්නක්,

by Hela news

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිරෝධායන හෝටලයක ගිනි ගැනීමක් සිදු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එම හෝටලයේ කාමරයක නිරෝධායනය වෙමින් සිටි 31 හැවිරිදි කාන්තාවක විසින් ගිනි තැබීම සිදු කරනු ලැබූ බවට පොලීසිය සැක කරන අතර, අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සමඟ ඒ මොහොතේ ඇගේ දරුවන් දෙදෙනා ද සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය.

මහල් 11කින් සමන්විත පැසිෆික් නමින් හඳුන්වනු ලබන මේ හෝටලයේ රැඳී සිටි තවත් පුද්ගලයන් 160 දෙනකු වහාම හෝටලයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, ගින්න පාලනය කිරීමට ගිනි නිවන හමුදාව සමත් වී තිබේ. මේ සිදුවීමෙන් කිසිවකුට තුවාල සිදු වී නැති බව ද වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment