Home විදෙස් පුවත් ඔස්ට්‍රේලියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් පුද්ගලයන් තිදෙනකු පැනලා.

ඔස්ට්‍රේලියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් පුද්ගලයන් තිදෙනකු පැනලා.

by Hela news

මධ්‍යම රාත්‍රියේදී නිරෝධායන මධ්‍යස්ථානයකින් පලා යමින් සිටි පුද්ගලයන් තිදෙනකු ඔස්ට්‍රේලියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එසේ පලා යමින් සිටියේ උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයන් තිදෙනෙකු බව වාර්තා වේ. අත්අඩංගුවට පත් වූ එම පුද්ගලයන් වහා පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව ‘නෙගටිව්‘ තත්ත්වයේ පවතින බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

මේ සිදුවීමෙන් පසුව එම නිරෝධායන මධ්‍යස්ථානය අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, එසේ පලා යමින් සිටින තවත් පුද්ගලයන් සිටීදැයි සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment