Home විදෙස් පුවත් ඔස්ට්‍රියාවේ එන්නත් නොගත් අයට අඟුළු

ඔස්ට්‍රියාවේ එන්නත් නොගත් අයට අඟුළු

by Hela news

එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා රට අඟුළු දැමීමට ඔස්ට්‍රියාව සූදානම් වේ. ලබන සඳුදා සිට එම තීරණය ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රියාවේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා වාර්තා වී ඇත. එම පිරිස 12,000කට ආසන්නය. ඒ සමඟ ඕස්ට්‍රියාව නව තීරණය කඩිනමින් ක්‍රියාවට නංවනු ඇති බව සදහන් වේ. 

 එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සඳහා රට අගුළු දැමීම ක්‍රියාත්මක පළාත්වල පොදු ස්ථානවලට ඇතුල් වීම ද තහනම් වනු ඇත. රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බැවින් එම ජනතාව අපහසුතාවට ලක් නොවන ලෙස නව තීරණය ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ. 

0 comment
0

Related Posts

Leave a Comment