Home විදෙස් පුවත් ඔමික්‍රෝන් සමග සටනට බ්‍රිතාන්‍ය සැරසේ.

ඔමික්‍රෝන් සමග සටනට බ්‍රිතාන්‍ය සැරසේ.

by Hela news

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් වයස අවුරුදු 18කට වැඩි සියලු පුද්ගලයින් සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

ඊට අදාළව එන්නත් මාත්‍රා මිලියන 114ක් ඇණවුම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 60ක් සහ ෆයිසර් සමාගමෙන් මාත්‍රා මිලියන 54ක් මෙලෙස අමතරව මිලදී ගැනිමට ඔවුන් තීරණය කර ඇත.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණ සම්පූර්ණ කළ වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් සඳහා මාස දෙකක් තුළ තෙවන මාත්‍රාව ලබාදීමට  බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment