Home විදෙස් පුවත් ඔමික්‍රොන් මැඬලන්න බ්‍රිතාන්‍යයෙන් නව නීති,

ඔමික්‍රොන් මැඬලන්න බ්‍රිතාන්‍යයෙන් නව නීති,

by Hela news

නව ඔමික්‍රොන් කොරෝනා වයිරස් ප්‍රභේදය අඩාල කිරීමේ අරමුණෙන් එංගලන්තයේ කඩ සාප්පුවල සහ පොදු ප්‍රවාහනය තුළ මුව ආවරණ පැලැඳීම අනිවාර්ය කිරීමට පියවර ගත් බව අගමැති බොරිස් ජොන්සන් කීවේය. එක්සත් රාජධානියට ඇතුළු වන සියලු පුද්ගලයන් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය කර ඇති අතර, රෝගියකු හමු වුව හොත් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටියත් ඔහුගේ හෝ ඇයගේ සියලු ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය අනිවාර්ය කර ඇත. කෙසේ වෙතත් පසුගිය වසරේ නත්තලට වඩා මෙවර නත්තල තත්ත්වය යහපත් වනු ඇතැයි අගමැතිවරයා විශ්වාසය පළ කර තිබේ. මේ වෙනුවෙන් ගෙන ඇති පියවර තාවකාලික සහ පූර්ව ආරක්ෂාව සපයාගැනීම සඳහා ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය. දැනටමත් ඔමිනික්‍රොස් ආසාදිතයන් දෙදෙනකු හමු වී ඇති බවත් ඒ අය බ්‍රෙන්ට්වුඩ්, එසෙක්ස් සහ නොටිංහැම් පදිංචිකරුවන් බව වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment