Home දේශීය පුවත් ඔමික්‍රොන් ආසාදිතයන් රට පුරා – යළි කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක්

ඔමික්‍රොන් ආසාදිතයන් රට පුරා – යළි කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක්

by Hela news

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

* ආරක්ෂා වීමට බූස්ටරය අත්‍යවශ්‍යයි
* ව්‍යාප්තිය පාලනය ජනතාවට භාරයි

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් රට පුරා බොහෝ ප්‍රදේශවලින් වාර්තා වීමත් සමඟ නැවත වරක් කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.

මේ ප්‍රභේදයේ සංකූලතා අවම වුවත් ව්‍යාප්තිය ඉතා ඉක්මනින් සිදු වන්නේ යැයි ද ව්‍යාප්තිය වළක්වා ගත හැක්කේ ජනතාවගේ ක්‍රියාකාරකම් අනුව වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (13) පැවසුවේය.

ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු නිසි ලෙස අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ගැනීම අනිවාර්ය බවත් හෙතෙම පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment