Home කාලීන පුවත් ඒක හීනයක්ද

ඒක හීනයක්ද

by Hela news

සර්…. පොඩ්ඩක් අපට සර්ව පරීක්ෂා කරන්න වෙනවා…
සුදු පාට නිල ඇඳුම් ඇඳගත්ත රේගු නිලධාරීන් හතර දෙනෙක් එක පාරට මාව වටකරගත්තා…
ඇ…ඇ.. ඇයි මේ… ? මම Duty Free එකෙන් ගත්තෙ නියමිත ගානට බෝතල් දෙකයි…
සර්… බෝතල් කීයක් ගත්තත් අපට කමක් නෑ… අපි ක්‍රියාත්මක කරන්නෙ අපට දීපු ඕඩර්ස්…

හරි හරි.. ඉතිං… මම එන්නෙ එංගලන්තෙ ඉඳලා. මගෙ transit එක ඩුබායි… මම Bags ඔක්කොම Interline කරලා ආවෙ… නීති විරෝධී යමක් ගෙනාව නං මාව අල්ලගන්නෙ Heathrow වලදි නෙ…

හරි සර්… ඒව අපට වැඩක් නෑ,.. බෑග් ටික මෙතනින් තියන්න….

මාස දෙකක් රාජකාරිමය කටයුතු සඳහා එංගලන්තයේ ගිය මට ලංකාවෙ ගුවන් තොටුපලේදි වුන අකරතැබ්බය නිසා මම බොහොම කලබලයට පත් වෙලා හිටියෙ…

හරි… මම දන්නවනෙ මම වැරැද්දක් කරලා නෑ කියලා… ඔයාලම අවුස්සලා බලන්නකො… මම බෑග් දෙකයි Hand luggage එකයි ඇරලා පැත්තකට වුනා…

මම ලස්සනට පැක් කරපු ඇඳුම් ඔක්කොම පිස්සුවෙන් වගේ අවුස්සපු එක්කෙනක් මගේ යට ඇඳුම් ටික අවුස්සන්න වුනා..

තමුසෙලට පිස්සුද හලෝ මගෙ underwear අවුස්සන්නෙ… මේව මම යද්දි ගෙනියපුවා…

සර්ට යට ඇඳුම් 12 ක් මොනවටද ?

12ක් ? ඇයි හලෝ මම මාස දෙකක් එංගලන්තෙ හිටියනෙ.. තමුසෙලා කියන්නෙ මට එකක් විතරක් අඳින්න කියලද ?

සර්ට යට ඇඳම් 12 ක් කොහොමටත් වැඩියි.. අපි හිතන්නෙ නං සර් නීති විරෝධී ලෙස යට ඇඳුම් අරගෙන එනවා.. සමහර ඒවා අළුත්ම පාටයි..
දැං තමුසෙලා කියන්නෙ මම මේ යට ඇඳුම් හොරකම් කරගෙන එනව කියලද ? මේ හලෝ… මම කුඩු ගෙනාව නං කමක් නෑ,. මේ යට ඇඳුම් ? මොන ලෝකෙ තියෙන නීතියක්ද මේ ?

සර්…. මේ…. බලන්න ගැසට් එක… මේකට අනුව ඊයෙ ඉඳලා යට ඇඳුම් ලංකාවට ගේන්න තහනම්….
යට ඇඳුම්… ආනයනය තහනම්… සර් යට ඇඳුම් එකකට වඩා ගෙනැල්ලා තියෙනවා..
අපට සර්ව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා…..

අත් දෙක දෙන්න සර් මාංචු දාන්න….

පිස්සුද ඕයි… මට යන්න දෙනවා…. මේ මම එහේදි ඇඳපු ඒවා..

සර්ට ඔප්පු කරන්න පුළුවන්ද මේව සර්ගෙම සර්ම ඇඳපු ඒවා කියලා

කොහොමද හලෝ ඒක ඔප්පු කරන්නෙ. ? මම ඒව ඇඳලා ෆොටෝ ගහලා තියෙනවයෑ

අන්න ඒක තමයි සර්… සර්ට ඔප්පු කරන්න බැරි නං සර් මේව Smuggle කරනවා… අපට සිදු වෙනවා සර්ව අත්අඩංගුවට ගන්න. මීටපස්සෙ සර් යට ඇඳුම් ඇඳලා ෆොටෝ ගහලා තියාගන්න.. නැත්තං ඔප්පු කරන්න බෑ ඒව සර්ගෙ කියලා..

යනව හලෝ යන්න විහිළු නොකර.. අද අප්‍රේල් පළවෙනිද නෙවෙයි…

සර්… වැඩිය කෑ ගහන්න එපා…. බිම දාලා ඇදගෙන යන්නෙ….

එපා එපා….

මේ මේ.ඩාලිං.. මොකද මේ ඇඳෙන් වැටිලා කෑ ගහන්නේ ? මම මේ සද්දෙට ඇවිත් බැලුවෙ… නැගිටලා වතුර ටිකක් බීලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න…. රෑ වෙනකල් ටීවී බලලා මනස්ගාත වලින් ඔලුව පුරවගෙන… මටයි කරදරේ…

කෝ… ඔන්න ඔළුවත් තඩිස්සි වෙලා බිම වැදුන පාර… කෝ සර්ව විසාධිය ටිකක් ගාන්න…

ආ… ඒක හීනයක්ද ?

0 comment
0

Related Posts

Leave a Comment