Home ක්‍රීඩා පුවත් එල්පීඑල් තරග නිලධාරීන් නම් කරයි

එල්පීඑල් තරග නිලධාරීන් නම් කරයි

by Hela news

දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක් වන තරග නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළේය. ඒ අනුව තරග තීරකවරුන් ලෙස අයිසීසී තරග තීරකවරුන්ගේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ලේ මහතා සමඟ ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි සහ මනෝජ් මෙන්ඩිස් එක් වන අතර,

විනිසුරුවන් ලෙස (ඡායාරූපයේ සිටින) අයිසීසී ප්‍රධාන විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර ධර්මසේන සමඟ අයිසීසී විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල සමඟ පළමු මට්ටමේ විනිසුරුවන් වන දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි එල්පීඑල් විනිශ්චයට එක් වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment