Home ක්‍රීඩා පුවත් එල්පීඑල් තරගාවලියේ නිල ගීතය ‘එක්ව ජය ගමු’ එළි දැක්වෙයි

එල්පීඑල් තරගාවලියේ නිල ගීතය ‘එක්ව ජය ගමු’ එළි දැක්වෙයි

by Hela news

එල්පීඑල් තරගාවලියේ නිල ගීතය එළි දැක්වීමේ අවස්ථාවට එක් වූ ආරාධිත අමුත්තෝ සහ ගායක ගායිකාවෝ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා සමඟ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ගීතය ‘එක්ව ජය ගමු’ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා එළි දැක්විණි. තරගාවලියේ සංවිධායකයන් වන IPG Group විසින් එළි දක්වන ලද එල්පීඑල් තරගාවලියේ නිල ගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, සංඛ දිනෙත්, යොහානි ද සිල්වා, උමාරියා සිංහවංශ, සජිත ඇන්තනී සහ ADK හඬ මුසු කර තිබේ. එල්පීඑල් තරගාවලියේ නිල සන්නිවේදන සහකරු ලෙස එක් වී සිටින ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ විධායක සුපුන් වීරසිංහ මහතා විසින් IPG Group හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා වෙත එම අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනැමීම ද ඊට සමගාමීව සිදු කෙරිණි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

0 comment
0

Related Posts

Leave a Comment