Home ක්‍රීඩා පුවත් එල්පීඑල් ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය 9 දා

එල්පීඑල් ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය 9 දා

by Hela news

විදෙස් ක්‍රීඩකයන් 300ක් ඇතුළුව සමස්ත ක්‍රීඩකයන් 600ක් ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය 9 වැනිදාට කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. සූම් තාක්ෂණය ඔස්සේ අද පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය දින තුනකට කල් දැමීමට තීරණය වූයේ දීපාවලී උත්සව සැමැරුම හේතුවෙන් කණ්ඩායම් හිමිකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුවය.

මෙවර එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය වට 20කින් සමන්විත වන අතර, දේශීය හා විදේශීය විශේෂිත ක්‍රීඩකයා, දියමන්ති ක්‍රීඩකයා, රන් ක්‍රීඩකයා සහ ක්ලැසික් ක්‍රීඩකයා වශයෙන් එය කාණ්ඩගත කර තිබේ.

එමෙන්ම මෙවර ද එල්පීඑල් තරග බිමට යොවුන් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අපේක්ෂාවෙන් නැගී එන ක්‍රීඩකයා වශයෙන් තවත් කාණ්ඩයක් ඇතුළත් වෙයි.

එල්පීඑල් තරගාවලියේ සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 20 දෙනකු ඇතුළත් වන අතර, ඊට දේශීය ක්‍රීඩකයන් 14ක් සහ විදේශීය ක්‍රීඩකයන් 6ක් එක් වනු ඇත. අවශ්‍යතාව අනුව ඕනෑම කණ්ඩායමකට පසුගිය වසරේ සිය කණ්ඩායම නියෝජනය කළ විදෙස් ක්‍රීඩකයන් හා දේශිය ක්‍රීඩකයන් සිව් දෙනකු බැගින් රඳවා තබා ගැනීමට ද අවස්ථාව සැලසී තිබේ. සෙසු ක්‍රීඩකයන් ඔවුන්ට වෙන්දේසියෙන් අත් කර ගැනීමට හැකියාව ඇත. ඒ අනුව ක්‍රීඩකයන්ගේ වෙන්දේසියටත් පෙර සිය කණ්ඩායමට පසුගිය වසරේදී ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයන් සහ දේශීය ක්‍රීඩකයන් සිව් දෙනකු බැගින් රඳවා ගැනීමට පසුගිය වසරේ එල්පීඑල් ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජැෆ්නා නව හිමිකරුවන් කියා සිටියේ පාකිස්තානයේ ෂොයිබ් මලික් හා උස්මාන් ශින්වාරි සිය කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කළ බවය. ඔවුන් පසුගිය වසරේදී සිය කණ්ඩායමට විදේශීය විශේෂිත ක්‍රීඩකයා ලෙස එක් වූ දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසි සහ දියමන්ති ක්‍රීඩකයා ලෙස එක් වූ පාකිස්තානයේ වහාබ් රියාස් මෙවර ද කණ්ඩායමේ රඳවා ගන්නා බව මීට පෙර නිවේදනය කර තිබිණි. ජැෆ්නා පිලට එක් වන ඉතිරි විදෙස් ක්‍රීඩකයන් දෙදෙනා අද පැවැත්වෙන ක්‍රීඩකයන්ගේ වෙන්දේසියෙන් තෝරා ගැනෙනු ඇත. මීට අමතරව පසුගිය වසරේදී එම කණ්ඩායම නියෝජනය කළ දේශීය ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ කණ්ඩායමේ නායක තිසර පෙරේරා ද රඳවා ගැනීමට පියවර ගෙන ඇත. තිසර පෙරේරා මෙවර ද ජැෆ්නා පිල මෙහෙයවීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment