Home විදෙස් පුවත් එර්දගොන්ගේ කඩුවට බියෙන් බටහිර රටවල් දහයක් අඩියක් පස්සට

එර්දගොන්ගේ කඩුවට බියෙන් බටහිර රටවල් දහයක් අඩියක් පස්සට

by Hela news

තම රටේ අභයන්තර කටයුතුවලට ඇඟිලි නොගසන්නැයි තුර්කි ජනාධිපති එර්දගොන් කළ තර්ජනාත්මක ප්‍රකාශය හමුවේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දහයක් මේ වන විට පියවරක් පසුපසට ගොස් ඇති බවක් පෙනේ. මේ රටවල් පවසා ඇත්තේ තමන් කිසිසේත් තුර්කියේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවයි.

තුර්කිය තුළ මානව හිමිකම් ආරක්ෂා නොවන බව පවසමින් බටහිර රටවල් කිහිපයක් තුර්කියට තර්ජනාත්මක ප්‍රකාශ සිදු කළ අතර එම අටවල් අතර ඇමරිකාව, ජර්මනිය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ සහ ස්වීඩනය විය. මේ රටවල අදහස් දැක්වීමට තුර්කි ජනාධිපති රෙසෙප් ටයීප් එර්දගොන්ගේ ප්‍රතිචාරය වූයේ මේ රටවල තානාපතිවරුන් තම රින් වහාම ඉවත් කරන බව දැනුම් දීමයි. තම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන රටවල තානාපතිවරුන් තවදුරටත් රටතුළ සිටිය යුතු නැතැයි තමා විශ්වාස කරන බව පැවසූ එර්දගොන් පොදුවේ සියලු රටවලට තර්ජනය කර සිටියේ තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසයි.

තුර්කිය සහ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල මේ ගැටුම් නිර්මාණය වූයේ අදින් වසර හතරකට පෙර සිදුවූ සිදුවීමක් හේතුවෙනි. ඒ අවස්ථාවේදී තුර්කියේ බලට ඇල්ලීමට එරට හමුදාව උත්සාහ දැරූ අතර ඒ සඳහා එරටේ රැඩිකල්, බුද්ධිමත් ජනතාවගේද සහය හිමි විය. එහෙත් රටේ බහුතර ජනතාව එර්දගොන්ගේ පැත්තේ සිටි බැවින් හමුදා කුමන්ත්‍රණය අසාර්ථක විය. යළිත් තම බලය තහවුරු කර ගත් එර්දගොන් තමාට එරෙහිව පැමිණි බොහෝ දෙනාගෙන් සිත්පිත් නොමැතිව පළි ගත්තේය. ඇතැම් දෙනාට මරණීය දණ්ඩනය පවා ලබා දීමට ඔහු කටයුතු යෙදුවේය. බොහෝ දෙනා සිරගත කරනු ලැබීය. මෙලෙස සිරගත කරනු ලැබූ පිරිස අතර ඔස්මාන් කවාලාද විය. ඔස්මාන් කවාලා යනු තුර්කි නිදහස් මතධාරියෙකි. ඔහු උගත් බුද්ධිමත් සමාජ ක්‍රියාකාරිකයකු වන අතර දක්ෂ, සාර්ථක ව්‍යපාරිකයකුද වේ.

කුමන්ත්‍රණය අසාර්ථක වූ තැන් සිට මේ දක්වා කවාලා සිටින්නේ සිරගතව වන බැවින් ඔහු නිදහස් කර ගැනීමේ උත්සාහයක ඔහුගේ අදහස් අගය කරන ප්‍රජාව යෙදී සිටිති. බටහිර රටවල් සහය දැක්වූයේ එම ප්‍රයත්නයට වන නමුත් එර්දගොන්ගේ තර්ජනය හමුවේ කවාලාට නිදහස හිමිවීම තවදුරටත් කල් යන බවක් නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

තුර්කිය අනාදිමත් කාලයක් තිස්සේ මැදපෙරදිග කලාපයේ කටමුල නිහඬ එමෙන්ම සාමකාමී රටක් ලෙස පැවතියද එර්දගොන්ගේ පාලනයත් සමග තුර්කිය ලොව චණ්ඩියකුගේ තත්ත්වයට පැමිණ තිබේ. තම අසල්වැසි සිරියාව අපායක් බවට පත් වෙද්දී තම රට කෙසේ හෝ සාමකාමීව පවත්වා ගැනීමටත්, බොහෝ බටහිර රටවල් හමුවේ අනම්‍යව සිටීමටත් එර්දගොන්ට හැකිවී තිබේ. ඔහුට මේ ශක්තිය ලැබුණේ රුසියාවෙන් බව පැවසෙන නමුත් කෙසේ හෝ තම ජනතාවගේ ආශිර්වාදය සමග රටක ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගැනීමට පාලකයකු සමත් වන්නේ නම් එය දක්ෂකමක් බව කිව යුතුය. විශේෂයෙන් අසල්වැසි රටවල ගිනි ඇවිල යන අවස්ථාවක නම් එය එසෙමය.

දැන් යළිත් වරක් එර්දගොන්ගේ කඩුව හමුවේ බටහිර රටවල් දණ නමා තිබේ. බලා සිටිය යුතු වන්නේ ඊළඟ පියවර කෙසේ වන්නේද කියාය.

0 comment
0

Related Posts

Leave a Comment