Home උණුසුම් පුවත් එන්නත් මධ්‍යස්ථානයක ගුටිබැට හුවමාරුවක්

එන්නත් මධ්‍යස්ථානයක ගුටිබැට හුවමාරුවක්

by Hela news

කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන මධ්‍යස්ථානයකදී ඇතිවූ ආරවුලක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය සිද්ධියක් ආනමඩුවෙන් වාර්තා විය.

ඒ ආනමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ඊයේ (25) පැවති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනේදීය.

එන්නත් ලබාගැනීමට පැමිණි 5,000 කට ආසන්න පිරිසකට ප්‍රමාණවත් පරිදි එන්නත් නොමැතිවීම හේතුවෙන් ඇතිවු ආරවුලක් එලෙස ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබුණි.

එහිදී පාසලේ ගෙට්ටුව ද කඩාගෙන පිරිසක් පාසලට ඇතුල්වී තිබූ අතර හදිසියේ ඇතිවූ තෙරපීමෙන් එම ස්ථානයේ සිටි පිරිසක් බිම ඇදවැටී තුවාල සිදුවී ඇත.

මෙම තත්ත්වය මත ඊයේ රාත්‍රි 9 පමණ වන තෙක් එන්නත් ලබාදීම සිදු කර තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment