Home දේශීය පුවත් එන්නත් නොගෙන ප්‍රසිද්ධ ස්ථානවලට යන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග

එන්නත් නොගෙන ප්‍රසිද්ධ ස්ථානවලට යන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග

by Hela news

නීතිපති දැන්වූ බව ඇමැති කෙහෙලිය කියයි

කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයම නොගත් පිරිස් පොදු ස්ථානවලට ගිය හොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති අතර ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම කීවේය. එන්නත්වල ගුණාත්මක භාවය පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය. ලෝකයේ දියුණු රටවල් බොහොමයක් එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව පැවැසූ ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය එනනත් දෙකම ඇතුළත් කර ඇප් එකක් සකස් කර එය නැත්නම් පොදු ස්ථානවලට යෑම තහනම් කිරීමට පියවර ගන්නා අතර ඇතැම් විට මෙය ක්‍රියාත්මක කරන විට සමහරු උසාවිය ගියහොත් ඊට මුහුණ දීමට සූදානම් බවත් කීවේය.

මීට මාස හයකට පෙර තිබුණු ආන්දෝලනාත්මක කතා බහ වූයේ අපෙට එන්නත් ගෙන්න සල්ලි නැහැ කියන එකයි. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග නිසා තුන්වන එන්නතදෙන්නත් පුළුවන්කම ලැබී තිබෙනවා යැයිද ඒ මහතා සඳහන් කළේය.

අද වන විට අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 71ක් එන්නත් දෙකම ගෙන තිබෙනවා. ඒ අනුව බලද්දී ලෝකයේ හොඳම රටවල් පහ අතර අපේ රටත් ඉන්නවා. මේ වන විට ෆයිසර් මිලියන 14ක් ඇණවුම් කර තිබෙනවා. දැනට මිලියන දෙකයි දශම දෙකක තොගයක් තිබෙනවා. සාමාන්‍ය වයිරස් එකකදී එන්නතක් අවුරුදු දහයක්වත් පරීක්ෂණ කරලයි අනුමත කරන්නේ. නමුත් මේ තිබුණු තත්ත්වයත් එක්ක ජනතාව මරණයෙන් බෙරා ගැනීම සඳහා කෙටි කාලයකින් එන්නත් අනුමත කරන්න සිදු වුණා.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

0 comment
0

Related Posts

Leave a Comment